පෙරළිකාර නව නිපයුමක් සිදුකිරීම මගින් එතෙක් විදේශයන්ට ඇදී ගිය විශාල මුදලක් අප රට වෙත, ඉතිරිකර දුන් නව නිර්මාණකරුවකු ඇගයීම සදහා ඔබත් Flexi ඇන්ටනාවක්ම මිලදී ගන්නා ලෙස ඉල්ලමු.
* ඇන්ටනාව සහ බූස්ටරය සඳහා වසර දෙකක වගකීම
Two year warranty for antenna and booster
(වයර් සඳහා සහ භොතික හානි සඳහා වගකීයනු නොලැබේ)
(Not responsible for wires and physical damage)
*ජීවිත කාලයටම පවතින සේවා වගකීම
( Lifetime service warranty)
*සෑහීමට පත්නොවේ නම් මුදල් ආපසු ගෙවීම
( Refund if not satisfied)
වත්මන් සමාජයේ බටපොල ඇන්ටනාව ලෙස පොදුවේ හැදින්වෙන මෙම ඇන්ටනා වර්ගය නව නිපැයුමක් ලෙස ඉදිරිපත් කරන ලද්දේ බටපොල ග්‍රාමයෙහි පදිංචි පද්මානන්ද මලවිගේ මහතා විසිනි.
මෙම විප්ලවීය නව නිපැයුම සිදුකල පද්මානන්ද මලවිගේ මහතා වෘත්තියෙන් ගුරුවරයකු වන අතර විදුලි උපකරණ සම්බන්ධව සහජ කුසලතාවයන් සහිත පුද්ගලයෙකි.1980 දශකයෙහි ගුවන් විදුලි හා රූපවාහිනී යන්ත්‍ර භාවිතය පිළිබඳව හා අඵත්වැඩියාව පිළිබඳව පැවති ඉල්ලුම නිසා රැකියාවට අමතරව එම යන්ත්‍ර අඵත්වැඩියාව,ඇන්ටනා සවිකර දීම,සුසර කරදීම ආදී කටයුතුද සිදුකර ඇත.
මෙසේ රූපවාහිනී යන්ත්‍ර සදහා ඇන්ටනා සහ බූස්ටර් සවිකර දීමේ කටයුතුවල යෙදී සිටියදී 1990 දශකයේ මුල් භාගයේ එතෙක් පැවති VHF නාලිකා වලට අමතරව UHF නාලිකාවන්ද විකාශනය ආරම්භ වූ පසු වර්ග දෙකක ඇන්ටනා දෙකක් හෝ කිහිපයක්, දිශාවන් කිහිපයක් වෙත යොමුකොට කොටස් දෙකකින් යුතු විශාල බූස්ටරයක් හරහා සංඥා ලබාගැනීමේ ක්‍රමයේ අපහසුතාවයනට මුහුණපෑමට සිදු වී ඇත.
එම ගැටඵවට විසදුමක් පිළිබඳව විවිධ අත්හදා බැලීම් සිදුකොට අවසානයේ සියඵම සංඛ්‍යාත වල නාලිකා නැරඹීමට හැකි මෙම V හැඩයේ ඇන්ටනාව සහ බූස්ටර කොටස එකට ඇති නිර්මාණය සිදුකර ඇත.පහසුවෙන් හැසිරවිය හැකි (Flexible) ඇන්ටනාවක් නිසා මෙය Flexi ඇන්ටනාව ලෙස නම් කර ඇත.
එතෙක් පැවති ජපානයෙන් ආනයනය කල හා මෙරට නිපදවූ ඇන්ටනා කිහිපයක් සහ විශාල බූස්ටරයක් සහිත නිවැරදිව දිශානත කිරීම සහ භාවිතය සංකීර්ණ ක්‍රමය වෙනුවට මිලෙන් අඩු ,භාවිතය පහසු හා සරල වූ මෙම Flexi ඇන්ටනාව ඉතා ඉක්මනින්ම ජනප්‍රිය විය. බටපොල සර් හදපු ඇන්ටනාව ලෙසද ඉන්පසුව බටපොල ඇන්ටනාව ලෙසද ප්‍රචලිත වූයේ මෙම Flexi ඇන්ටනාවයි.
වෙළදපොලෙහි ඇතිවූ ඉල්ලුම සපුරාලීමේදී වැඩි නිෂ්පාදනයට වඩා ගුණාත්මකභාවය කෙරෙහි සැලකිලිමත් වූ ඒ් මහතාට ඉල්ලුම සපුරාලීමට නොහැකිවීම නිසා විවිධ පුද්ගලයන් බටපොල ඇන්ටනා නමින් ඇන්ටනා නිෂ්පානය කරනු ලැබේ.
එසේ වුවද දැනටද බටපොල මහවත්ත ලිපිනයෙහි පද්මානන්ද මලවිගේ මහතාට අයත් මලවිගේ ඉලෙක්ට්‍රොනික්ස් ආයතනය මගින් Flexi ඇන්ටනා නිෂ්පාදනය කර අලෙවි කරනු ලැබේ.
පෙරළිකාර නව නිපයුමත් සිදුකිරීම මගින් එතෙක් විදේශයන්ට ඇදී ගිය විශාල මුදලක් අප රට වෙත, ඉතිරිකර දුන් නව නිර්මාණකරුවකු ඇගයීම සදහා ඔබත් Flexi ඇන්ටනාවක්ම මිලදී ගන්නා ලෙස ඉල්ලමු.
දුරකථන අංක :-
091-2260704 පද්මානන්ද මලවිගේ
077-3115610 තාරක මලවිගේ
077-7612805 නාමල් -ගම්පහ, කොලඹ
0714901860 ප්‍රභාත්
මිලදී ගත හැකි ස්ථාන
1.මලවිගේ ඉලෙක්ට්‍රොනික්ස්,
බටපොල ඇන්ටනා මහගෙදර,
මහවත්ත,බටපොල
දුර.අංක 091-2260704
2.මලවිගේඉලෙක්ට්‍රොනික්ස්ද,නැදගමුව,කොටුගොඩ.
දුර.අංක 077-7612805

i live in batapola.this is true
ReplyDeleteOn Line kuriyar nadda
ReplyDelete